කලිසම හැලුනත් රටේ ආර්ථිකය වැටෙන්න දෙන්නේ නැත්නම් ඒක තමයි ස්මාර්ට් අරගලය – මනූෂ

රටට මේ මොහොතේ අවශ්‍ය වන්නේ සියලු දෙනා එකතුවී රට ගොඩනගන වැඩපිළිවෙලක් බව අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා.

ඒ සඳහා දේශපාලන පක්ෂ ප්‍රතිපත්තියක් නොමැති බවත්, ඇත්තේ රට ගැන ප්‍රතිපත්තියක් පමණක් බවයි ජන හමුවක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

ස්මාට් යනු අනුන්ගේ කලිසම් ඇඳගෙන කයිවාරු ගැසීම නොවන බවත්, කලිසම හැලුනත් රටේ ආර්ථිකය වැටීමට ඉඩ ලබා නොදෙන්නේ නම් එය ස්මාර්ට් අරගලයක් බවයි මනූෂ නානායක්කාර අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.