මෙවරවත් දුකට සැබෑ හේතුව හොයාගෙන දුකින් මිදීමේ මාර්ගය පාදගත යුතුයි – ගම්මන්පිල

රට භාරදිය යුත්තේ පවතින ආර්ථික අර්බුදයට විසඳුම් ලබාදිය හැකි කණ්ඩායමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.

ඒ අනුව ග්‍රීසියට සිදු වූදේ ලංකාවට සිදු නොවීමට නම් එලෙස විසඳුම් ලබාදිය හැකි පුද්ගලයා ජනාධිපතිවරණයේදී හඳුනා ගැනීමට ජනතාවට හැකිවිය යුතු බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

රතු, කොළ, නිල් බෝතල් මාරු කරමින් පරණ විසම පානය කරමින් රට  අඳුරෙන් අඳුරට ගෙනියනවාද නැතහොත් මෙවර හෝ දුකට සෑබෑ හේතුව සොයාගෙන දුකින් මිදීමේ මාර්ගය පාදගන්නවාද යන්න යන ප්‍රශ්නයට විසඳුම් සෙවීමට මෙවර ජනාධිපතිවරණය පැවැත්වෙන බවද ඔහු සඳහන් කළා.