අනූෂ සමරනායක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස පත් කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් නව තනතුරු 3ක් සඳහා පත්කිරීම් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.

ඒ අනුව වේගපන්දු පුහුණුකරු ලෙස අනූෂ සමරනායක පත්කර තිබෙනවා.

ක්‍රීඩා ප්‍රවර්ධන පෝෂණවේදී තනතුර සඳහා වෛද්‍ය හෂාන් අමරතුංග ද භෞත චිකිත්සක ලෙස ජොනතන් පෝටර් පත්කර තිබෙනවා.