කෙහෙළියගේ ඇප ඉල්ලීම සලකාබැලීමට දින නියම කෙරේ

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් ගොනුකර ඇති ප්‍රතිශෝධන පෙත්සම සලකාබැලීම සඳහා ලබන සඳුදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා.

ඒ අනුව මෙම පෙත්සම අද (22) කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇති බවයි වාර්තා වෙන්නේ.

මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබා නොදීම හේතුවෙන් හිටපු අමාත්‍යවරයා ප්‍රතිශෝධන පෙත්සමක් ගොනු කිරීමට කටයුතු කර තිබුණා.