බදු පනත් දෙකක් බලාත්මක කෙරේ

පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබූ පනත් කෙටුම්පත් 02ක් සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධන අත්සන් තබා තිබෙනවා.

සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) සහ එකතු කළ අගය මත බදු (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා කථානායකවරයා මෙලෙස (20) සිය සහතිකය සටහන් කර ඇති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව, උක්ත පනත් කෙටුම්පත් 2024 අංක 15 දරන සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) පනත සහ 2024 අංක 16 දරන එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත ලෙස (20) සිට බලාත්මක වන බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.