කථානායකට එරෙහි විශ්වාසභංගයේ ඡන්ද විමසීම අද

කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් වන විවාදයේ තුන්වන දිනය අදයි.

ඒ අනුව අද (21) පෙරවරු 9.30 සිට 4.30 දක්වා එම විවාදය පැවැත්විමට නියමිතව තිබෙනවා.

එසේම විවාදය සම්බන්ධයෙන් වන ඡන්ද විමසීමද අද පස්වරුවේ පැවැත්වීමට නියමිත බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.