අධිකරණයට අපහාස කළ නීතිඥවරයෙක් රිමාන්ඩ්

විවෘත අධිකරණයේ දී අධිකරණයට අපහාස වන ආකාරයෙන් ක්‍රියා කළේ යැයි චෝදනා එල්ල වූ නීතිඥවරයෙකු රිමාන්ඩ් භාරයේ තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

මෙම නඩු විභාගය අවසන් වන තෙක් අදාළ නීතිඥවරයාගේ නීතිඥභාවය අත්හිටුවීමටද අධිකරණය නියෝග කර ඇති බවයි වාර්තා වෙන්නේ.

අදාළ නීතිඥවරයා අප්‍රෙල් මස 03 වන දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නියෝග කර තිබෙන්නේ.