මෙම වසරේදී සංචාරකයන්ගේ පැමිණීමේ ඉහළ වර්ධනයක්

මෙම වසරේදී විදෙස් සංචාරකයන්ගේ පැමිණිම ඉහළ ගොස් ඇති බව ගුවන් තොටුපළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා පුද්ගලික සමාගමේ සභාපති අතුල ගල්කැටිය පවසනවා.

ඒ අනුව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ගුවන් මගීන් වැඩි වශයෙන් භාවිතා කරන ස්ථානයක් බවට පත්ව ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

2024 වසරේ  ජනවාරි මස 01 වැනිදා සිට මාර්තු මස 19 වැනිදා දක්වා කාලය තුළ ගුවන්තොටුපළ සේවා ලබාගත් ගුවන් මගීන් සංඛ්‍යාව 850,000 ක් බවත් සේම මේ වසර අවසානය වන විට ගුවන් මගීන් මිලියන 10ක පමණ පිරිසක් ගුවන්තොටුපළ භාවිතා කරනු ඇතැයි විශ්වාස කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

අදාළ නිවේදනය පහතින්.

news images