වනිඳුට බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරගාවලිය අහිමිවෙයි

තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ආචාර ධර්ම කඩකිරීමක් සම්බන්ධයෙන් වරදකරු බවට පත්ව තිබෙනවා.

මේ හේතුවෙන් තරග දෙකකින් සමන්විත බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරගාවලිය ඔහුට අත්හිටුවා ඇති බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කළේ.

පසුගියදා නිමාවට පත් වූ බංග්ලාදේශයට එරෙහි එක්දින තරගාවලියේ තෙවැනි එක්දින තරගයේදී හසරංග විනිසුරුගේ තීරණයට විරුද්ධත්වය පෙන්වීම සම්බන්ධයෙන් ඔහු වැරදිකරු බවට පත්ව තිබෙනවා.

පසුගිය වසරේ ටෙස්ට් තරග රටාවෙන් විශ්‍රාමගත් ඔහු යළි බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් සංචිතය සඳහා යලි කැඳවා තිබුණා.