පළමුව ජනාධිපතිවරණයට සූදානම් වන ලෙස ජනපති කැබිනට් මණ්ඩලයට දැනුම්දෙයි

පළමුව ජනාධිපතිවරණය සඳහා සූදානම් වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබෙනවා.

(18) පස්වරුවේ කැබිනට් මණ්ඩල රැස්වීම පැවති අතර එහිදී ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් දැනුම් දී ඇති බවයි වාර්තා වෙන්නේ.

දැනට පවතින සංවර්ධන කටයුතු ඇතුළු ආණ්ඩුවේ කාර්යයන් හැකි ඉක්මනින් සිදුකර අවසන් කර ජනාධිපතිවරණය සඳහා සූදානම් වන ලෙසයි වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ.