මැච් එක ගහන්න ටොස් එක දානකල් ඉමු අපි – බැසිල්

මෙවර ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ පවසනවා.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් වන තීරණය පක්ෂයට ඉදිරිපත් කර ඉදිරියේදී ගන්නා බවයි රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ.

ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කිරීමේදී කාසියේ වාසිය උරගා බලන බවත් එලෙස කාසියේ වාසිය උරගා බලන අවස්ථාව එළඹෙන තෙක් සිටිමු යැයි බැසිල් රාජපක්ෂ වැඩිදුරටත් ප්‍රකාශ කළා.