අනුර කුමාර දිසානායක හා ජපාන තානාපති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති Mizukoshi Hideaki සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අතර හමුවක් අද (19) සිදුව තිබෙනවා.

මෙම හමුව සඳහා ජපාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානි Katsuki Kotaro, දෙවැනි ලේකම් Imai Kaori සහ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත්ද එක්ව සිටි බවයි එම පක්ෂය සඳහන් ක​ළේ.

ශ්‍රී ලංකාවේ මේ වන විට පවතින ආර්ථික අර්බුදය සහ දේශපාලන තත්ත්වය පිළිබඳ දීර්ඝ ලෙස දෙපාර්ශ්වයේ සාකච්ඡාවට බඳුන් වී ඇති අතර, එළැඹෙන ජනාධිපතිවරණය පිළිබඳවද මෙහිදී අවධානය යොමුව තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීම් පිළිබඳව ජාතික ජන බලවේගයේ ස්ථාවරය ජපාන රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයින්ට මෙහිදී පැහැදිලි කර දී ඇති අතර, ඉදිරියටද ශ්‍රී ලංකාවේ ආයෝජන සිදුකිරීමට ජපානයේ ඇති සූදානම ජපාන නියෝජිත පිරිස විසින් අවධාරණය කර තිබෙනවා.

news images
news images