උණුසුම් කාලගුණ තත්ත්ව​ය තවදුරටත්

දිවයිනේ ප්‍රදේශ රැසක උණුසුම් කාලගුණ තත්ත්ව​ය තවදුරටත් ඉහළ යමින් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබෙනවා.

වයඹ, උතුරු-මැද, නැගෙනහිර ස​හ බස්නාහිර පළාත්වල උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඊට අමතරව, මොණරාගල, මන්නාරම, රත්නපුර සහ වවුනියාව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව සඳහන්.

එම ප්‍රදේශවල ජනතාවට සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images
news images