පරණ දේශපාලනය තාක්ෂණයට බයයි, ඔවුන්ට ඕනේ 70%ක් දරිද්‍රතාවයේ රඳවගන්න – චතුරංග අබේසිංහ

පරණ දේශපාලනය තාක්ෂණයට බිය බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික චතුරංග අබේසිංහ පවසනවා.

ජනතාව දෙපයින් සිටගන්නවාට, ජනතාවගේ ආදායම ඉහල යනවාට, රාජ්‍ය සේවය කාර්යක්ෂම වෙනවාට සහ කර්මාන්තවල ඵලදායීතාව වැඩිවෙනවාට ඔවුන් බිය බවද, ඔවුන්ට අවශ්‍යය ජනතාවගෙන් 70% ක් දෙනා දරිද්‍රතාවයේ රඳවාගැනීමට බවයි ඔහු සඳහන් කළේ.

එම ජනතාවට හාල් මළු, සිමෙන්ති කොට්ට හා ආධාර බෙදා දී ඔවුන්ගේ ඡන්දය මංකොල්ලකෑමට ඔවුන් කටයුතු කරන බවද, රටේ දිගින් දිගටම දුප්පත් ජනතාවක් පමණක් රැඳෙනවා නම් ඔවුන් කැමති බවද ඔහු පෙන්වා දෙනවා.

රාජ්‍යයට ඩිජිටල් තාක්ෂණය ගෙන ඒමට ඔවුන් අකමැති වන්නේද එසේ ගෙනාවොත් ඔවුන්ට සොරකම් කිරීමට නොහැකි වන නිසා බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මෙම දූෂිත පාලනය අවසන් කිරීමට නම් දේශපාලන වෙනසක් අවශ්‍ය බවද, එම වෙනස කළ හැක්කේ මානව සම්පත ගැන සහ තාක්ෂණය ගැන විශ්වාසය තිබෙන එකම පක්ෂය වන ජාතික ජන බලවේගයට පමණක් බවද ඔහු අවධාරණය කරනවා.