රේගු නිලධාරීන්ගේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව 4 වන දිනටත් පැවැත්වෙයි

අතිකාල සේවාවලින් ඉවත්වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද (18) 4 වන දිනටත් ක්‍රියාත්මක වන බව රේගු නිලධාරීන්ගේ සංගමය පවසනවා.

බලධාරින්ගෙන් විසඳුම් නොලැබීම හේතුවෙන් සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක බවයි එහි සභාපති අමිල සංජීව සඳහන් කළේ.

රේගු අධ්‍යක්ෂක ජනරාල්වරයා යටතේ පවතින ගිණුමක් මුදල් අමාත්‍යාංශයට පවරා ගැනීමට විරෝධය පළ කරමින් පසුගිය සිකුරාදා රේගු වෘත්තීය සමිති කිහිපයක් අතිකාල සේවාවලින් ඉවත් වී වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා.