පාදයේ ආබා­ධ­යෙන් මධු­ශංක ශ්‍රී ලංකා­වට ගෙන්වයි කෝටි 18ක අයි­පී­එල් ගම­නත් අවි­නි­ශ්චි­තයි

සංචා­රක ශ්‍රී ලංකා පිල හා බංග්ලා­දේ­ශය අතර තීර­ණා­ත්මක අව­සන් එක්දින ක්‍රිකට් තර­ගය ශ්‍රී ලංකා වේලා­වෙන් අද පෙර­වරු 9.30ට චැටෝ­ග්‍රෑම් අහ­මඩ් චෞද්රි ජාත්‍ය­න්තර ක්‍රීඩාං­ග­ණ­යේදී ආරම්භ වේ.

තරග තුන­කින් සම­න්විත එක්දින ක්‍රිකට් තර­ගා­ව­ලිය දැන­ට­මත් 1-1ක් ලෙස දෙපි­ලම සම­බ­රව ජය­ගෙන ඇති හෙයින් අද ජය ගන්නා කණ්ඩා­යම තර­ගා­වලි ජය වාර්තා කරනු ඇත.

ශ්‍රී ලංකා ආර­ම්භක වමත් වේග පන්දු යවන ඩිල්ෂාන් මධු­ශංක පාදයේ ආබා­ධ­ය­කට ලක්වී­මෙන් පසු පුන­රු­ත්ථා­පන කට­යුතු ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකා­වට ගෙන්වා ගැනී­මට ශ්‍රී ලංකා ක්‍රිකට් කට­යුතු යොදා ඇති අතර මේ හේතු­වෙන් තවත් දින 4කින් ආරම්භ වන අයි­පී­එල් තර­ගා­ව­ලි­යට ක්‍රීඩා කිරීමේ අවි­නි­ශ්චිත තත්ත්ව­යක් ද නිර්මා­ණය වී තිබේ.

මුම්බායි ඉන්දි­යන්ස් කණ්ඩා­යම ඩිල්ෂාන් මධු­ශංක ඉන්දීය රුපි­යල් කෝටි 4.6කට (ශ්‍රී ලංකා රුපි­යල් කෝටි 18කට) මිල දී ගත් අතර, බංග්ලා­දේ­ශය සමඟ එක්දින තර­ගා­ව­ලි­යෙන් අන­තු­රුව ඉන්දි­යාව බලා පිට­ත්වී­මට මධු­ශංක සූදා­න­මින් සිටි­යේය. එහෙත් වත්මන් තත්ත්වය අනුව ඔහුට අයි­පී­එල් ඉදිරි තරග ක්‍රීඩා කිරී­මට නොහැකි තත්ත්ව­යක් උදාවී තිබේ.

දෙවැනි එක්දින තර­ග­යේදී පන්දු යව­මින් සිටි­යදී පිටි­යෙන් ඉවත් වූ මධු­ශං­කගේ වම් කකුලේ ආබා­ධය පිළි­බඳ එම්ආ­ර්අයි ස්කෑන් පරී­ක්ෂ­ණ­යෙන් තහ­වුරු වී ඇති අතර එය පුන­රු­ත්ථා­පන ක්‍රියා­ව­ලි­ය­කට යොමු කළ යුතු බව වෛද්‍ය මතය වී තිබේ.

මේ අතර බංග්ලා­දේශ ක්‍රිකට් පිලේ ජ්‍යෙෂ්ඨ පිති­කරු ලිටන් දාස් බංග්ලා­දේශ සංචි­ත­යෙන් ඉවත් කර ඇත. ඔහුගේ දුර්වල ක්‍රීඩා විලා­සය හේතු­වෙන්, අද පැවැ­ත්වෙන තර­ග­යෙන් ඉව­ත්කොට ඩකා ප්‍රිමි­යර් ලීග් තර­ගා­ව­ලි­යට ක්‍රීඩා කරන ලෙස කණ්ඩා­යම් කළ­ම­නා­කා­රී­ත්වය දන්වා ඇත. තුන්වන එක්දින තර­ගය සඳහා ලිටන් දාස් වෙනු­වට ජේකර් අලි බංග්ලා­දේශ සංචි­ත­යට ඇතු­ළත් කර තිබේ.

බංග­ලා­දේශ කණ්ඩා­යමේ ආර­ම්භක පිති­ක­රු­වන් දෙදෙ­නකු ලෙස අන­මුල් හක් සහ ටැන්සිඩ් හසන් ඇතු­ළත්ව සිටිති. ඔවු­න්ගෙන් එක් අයෙක් සෞම්‍ය සර්කාර් සම­ඟින් ඉනිම ආරම්භ කිරී­මට සූදා­න­මින් සිටී.

කෙසේ වුවද බංග්ලා­දේ­ශය තම රටේදී අව­සන් වරට පැවති ඇෆ්ග­නි­ස්තා­නය හා නව­සී­ල­න්තය හමුවේ එක්දින තර­ගා­වලි දෙකම පරා­ජ­යට පත්ව සිටීම විශේ­ෂ­ත්ව­යකි.