අනුර කුමාර දිසානායක සහ කැනඩා මහකොමසාරිස් අතර හමුවක්

ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් Eric Walsh සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අතර හමුවක් (13) සිදුව තිබෙනවා.

මෙම සාකච්ඡාවේදී මේ වන විට ශ්‍රී ලංකාවේ පවතින සමාජ ආර්ථික හා දේශපාලන තත්වය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡාවට බඳුන්වූ බවයි එම පක්ෂය නිවේදනය කළේ.

ජාතික සමගිය ගොඩනැගීම වෙනුවෙන් ජාතික ජන බලවේගයේ සැලසුම් පිළිබඳවද දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරු වී ඇති අතර, කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවීම සඳහා යාමට නියමිත අනුර කුමාර දිසානායකගේ ඉදිරි කැනඩා සංචාරයටද මහ කොමසාරිස්වරයා සුබ පැතුම් එක්කර තිබෙනවා.

news images news images