උතුරු සහ වයඹ පළාත් සඳහා නව ප්‍රධාන ලේකම්වරුන් පත් කෙරේ

උතුරු පළාත් නව ප්‍රධාන ලේකම්වරයා ලෙස එල්. ඉලංගෝවන් සහ වයඹ පළාත් ප්‍රධාන ලේකම් ලෙස දීපිකා කේ. ගුණරත්න පත්කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම පත්වීම් සිදුකර තිබෙන අතර ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් (12) පස්වරුවේ ජනාධිපති කාර්‍යාලයේ දී  බාරදෙනු ලැබීය.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ කීර්තිමත් නිලධාරියෙකු වන එල්. ඉලංගෝවන් උතුරු පළාතේ අමාත්‍යාංශ රැසක ලේකම් ධූරය මෙන්ම උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් ධූරය ද හොබවා ඇති අතර, ඒ මහතා උතුරු පළාත් නව ප්‍රධාන ලේකම්වරයා ලෙස පත්වීම් ලබන අවස්ථාව වන විට ජනාධිපති කාර්යාලයේ උතුරු පළාත් සංවර්ධනය පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටියේය.

නව පත්වීම ලැබීමට පෙර දීපිකා කේ. ගුණරත් දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් ලෙස කටයුතු කළාය.