ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි නව තානාපතිවරයෙක් සහ මහකොමසාරිස්වරයෙක් ජනපතිට අක්තපත්‍ර භාර දෙති

ශ්‍රී ලංකාව සඳහා අලුතින් පත්ව පැමිණි තානාපතිවරයෙක් සහ මහකොමසාරිස්වරයෙක් (12) පෙරවරුවේ කොටුව, ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ.

තායිලන්ත රාජධානියේ නව තානාපතිවරයා ලෙස පත්ව පැමිණි පයිටූන් මහපන්නපෝන් (H. E. Paitoon Mahapannaporn) මහතා සහ පාකිස්ථානු ඉස්ලාමීය ජනරජයේ නව මහකොමසාරිස්වරයා ලෙස පත්ව පැමිණි විශ්‍රාමික මේජර් ජෙනරල් ෆාහිම් උල් අසීස් (H.E. Major General (R) Faheem Ul Aziz, HI (M)) මෙලෙස ජනාධිපතිවරයා වෙත අක්තපත්‍ර භාර දුන්හ.

විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි, ජනාධිපති ලේකම් සමන් ඒකනායකද මෙම අවස්ථාවට එක්ව සිටියහ.