පරාටේ නීතියේ සංශෝධන පනත පාර්ලිමේන්තුවට

පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවීම සඳහා අවශ්‍ය ණය අය කරගැනීමේ සංශෝධන පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා.

ණය ගැනුම්කරුවන් විසින් නොගෙවා පැහැර හරින ලද ණය අයකර ගැනීම සඳහා එම ණය වෙනුවෙන් උකස් කරනු ලැබ ඇති යම් දේපළක් ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට අදාළ බැංකු විසින් ගනු ලබන ක්‍රියාමාර්ග 2024-12-15 දින දක්වා තාවකාලිකව අත්හිටුවීමටත්, ඒ සඳහා විධිවිධාන සැලසීම පිණිස 1990 අංක 4 දරන බැංකු මඟින් ප්‍රදානය කරන ලද ණය අයකර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත සංශෝධනය කිරීමටත් 2024-02-26 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබුණා.

ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති බැංකු මඟින් ප්‍රදානය කරන ලද ණය අයකර ගැනීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී ඇති බවද සඳහන්.

අදාළ කැබිනට් තීරණය පහතින්.

news images