කටුනායක ගුවන්තොටුපොළට නව මගී පර්යන්තයක් ඉදිකිරීමට තීරණයක්

කටුනායක ගුවන්තොටුපොළේ නව මගී පර්යන්තයක් ඉදිකරන බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශ ලේකම් රුවන්චන්ද්‍ර පවසනවා.

දැනට පවතින මගී පර්යන්තයේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් නව මගී පර්යන්තයක් ඉදිකිරීමට තීරණය කර ඇති බවයි ලේකම්වරයා පවසන්නේ.

මෙම නව මගී පර්යන්තයේ පිටත්වීමේ කවුළු 30ක් අලුතින් ස්ථාපිත කරන බවත්, මේ වසරේ දෙසැම්බර් මස 31 වැනිදාට පෙර ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතව ඇති බවත් ඔහු සඳහන් කරනවා.

දේශීය ඉදිකිරීම් සමාගමක් ඉදිකිරීමේ කටයුතු සඳහා තෝරා ගෙන ඇති අතර, මෙහි ඉදිකිරීම් සඳහා වැය වන මුදල රුපියල් බිලියන 2.5 ක් බවයි ලේකම්වරයා වැඩිදුරටත් පවසා සිටින්නේ.