කුළුබඩු ප්‍රති අපනයන ගැසට්ටුව අත්හිටුවීමට තීරණය කෙරේ

ගම්මිරිස් ඇතුළු කුළුබඩු වර්ග කිහිපයක් ප්‍රතිඅපනයනය සඳහා මෙරටට ආනයනය කිරීමට අවසර දීමට පළ කළ ගැසට් නිවේදනය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව කැබිනට් රැස්වීමේදී අදාල ගැසට් නිවේදනය සම්බන්ධයෙන් එල්ල වූ විරෝධතා සැලකිල්ලට ගෙන එය අත්හිටුවීමට තීරණය කර ඇති බවයි වාර්තා වෙන්නේ.

ගම්මිරිස් ඇතුළු කුළුබඩු වර්ග කිහිපයක් ප්‍රතිඅපනයනය වෙනුවෙන් මෙරටට ආනයනයට අවසර දෙමින්, නිකුත් කළ ගැසට් නිවේදනයක් පසුගියදා නිකුත් කර තිබුණා.