රනිල් මහත්තයව ජනාධිපති කළේ පොදුජන පෙරමුණේ බහුතර මන්ත්‍රී කණ්ඩායම – තිස්සකුට්ටිආරච්චි

එක්සත් ජාතික පක්ෂයේ අකිල, සාගල, හරීන්, මනූෂ, රවී, වජිර, නවීන් ඇතුළු කිසිවෙකුට රනිල් වික්‍රමසිංහව එක් වරක්වත් ඡන්දයකින් ජනාධිපති කරවීමට නොහැකි වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්සකුට්ටිආරච්චි පවසනවා.

රනිල් වික්‍රමසිංහව ජනාධිපති බවට පත්කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතර මන්ත්‍රී කණ්ඩායම බවයි ඔහු ජන හමුවක් අමතමින් පෙන්වා දුන්නේ.

කෙසේ නමුත් ඉදිරි ජනාධිපතිවරණයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ බවට ප්‍රකාශ කිරීමට තරම් තම පක්ෂය බංකොලොත් වී නොමැති බවද, එසේ නොමැති බවට ප්‍රකාශ කිරීමටත් තම පක්ෂය ඉක්මණ් නොවන බවද ඔහු සඳහන් කළා.

දැනටමත් ලක්ෂ 40 ක ඡන්ද පදනමක් ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, තව ඡන්ද ලක්ෂ 15ක් රැගෙන එන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහට යෝජනා කර ඇති බවද, ලක්ෂ 15ක් ගෙන ආ හැකි නම්, ඔහුට ජනාධිපති ධූර අපේක්ෂකත්වය ලබා දීමට ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සූදානම් බවයි ඔහු සඳහන් කළේ.