දරුවන්ට බලපාන මානසික ගැටලු

වැඩිහිටියන් ට මෙන්ම කුඩා දරුවන්ට ද මානසික රෝග ඇතිවිය හැක.නමුන් වැඩිහිටියන් මෙන් නොව දරුවන්ගේ මානසික රොග නීර්ණය කිරිම තරමක් අපහසු වන අතරම එය දරුවාගේ මොළයේ වර්ධනය සමග බොහෝ දුරට සමපාත වේ

සුලබවම පවතින ළමා මානසික රෝග කිහිපයක් පිලිබද කෙටියෙන් දැනගමු

1) ADHD (Attention deficit hyperactivity disorder) – අනවධාන අධි ක්‍රියාශිලි අක්‍රමතාව

රෝග ලක්ෂණ…

* දැගලිලි සහිත අධි ක්‍රියාශීලි බව.

* දිගටම සoවාදයේ යෙදන අතර,වෙනත් අයගේ කතාවට බාධා කරයි.

*ආරම්භ කරන කාර්‍ය අවසන් නොකරයි,පහසුවෙන් අවධානය වෙන අතකය යොමුවේ.

*අවධානය අඩු සහ එක් කටයුත්තක දිගටම නිරතවිය නොහැක.

*එක්වරම යම් දේවල් සිදුකරන අතර සිතාමතා කටයුතු නොකරයි.

මෙහෙදි දරුවාගේ පවුලේ සාමාජිකයන් දැන ගතයුතු කරුණු වන්නේ බොහො දරුවන් වැඩිහිටි වයසට පත්වන විට මෙම රෝග ලක්ෂණ සමනය වන බවයි.එතෙක් දරුවාගේ තත්වය හදුනා ගෙන ඊට ගැලපෙන ප්‍රතිකර්ම කරා යොමු වීම දෙමාපියන් හා ගුරුවරුන්ගේ වගකීමකි.

* දරුවාට දඩුවම් නොකරන්න.

* දරුවා යම් කාර්‍යයක් අවධානයක් සිදු කලහොත් එය අගය කරන්න.

* දරුවාගේ රෝගී තත්ත්වය ගැන ගුරුවරුන් දැනුවත් කරන්න.

*දරුවාගේ අවධානය වෙනතට යොමුවන අවස්ථා අඩු කරන්න. ( උදා – පන්තියේ ඉදිරි පෙළ වාඩි කරවීම )

* දරුවා යමි ක්‍රීඩාවක හෝ ශාරීරික ක්‍රියාකාරකමක යෙදවීම.එමගින් දරුවාගේ අමතර ශක්තිය මුදා හැරේ.

2 ) Autism – මනෝ වික්ෂිප්තභාවය

මෙය කුඩා රෝග ලක්ෂණවල සිට දැඩිලෙස මානසිකව අඩපණ වූ තත්ත්වන් දක්වා පරාසයක (Spectrum) විහිදුණු රෝගයකි.

* සමාජ සම්බන්ධතා දුර්වල වීම
* සන්නිවේදන හැකියාව/කඨනය දුර්වල වීම
*ප්‍රියතාවන් හා ක්‍රියාකාරකම් ඉතා අඩු පරාසයකට සීමා වීම මෙම රෝගයේදී සිදු වේ.

පහත වර්ධන අවදි වලද පහත ලක්ෂණ කෙරෙහි අවධානයෙන් පසු වන්න…

මාස12 දී….

* තනි ස්වර ශබ්ද පිට නොකිරීම

* ඇගිල්ල දිගුකර යමක් පෙන්වීම වැනි දෑ නොකිරීම

* ඇසට ඇස නොබැලීම

* දරුවා මවගේ කටහඩ හදුනා නොගැනීම

* දරුවා තමා කැමති දේ අන් අයට නොපෙන්වීම

* Autism සහිත සහෝදර සහෝදරියන් සිටීම

*හිසේ වට ප්‍රමාණය සාමාන්‍ය ප්‍රමාණයට වඩා ව්ශාල වීම

*උපතට පෙර හා උපතේදී ඇතිවූ සoකූලතා තිබීම

මාස 18 දි….

* කිසිදු වචනයක් කතා නොකිරීම

* ඇසට ඇස නොබැලීම

* නම කතා කලවිට ප්‍රතිචාර නොදැක්වීම

*තනිවම සෙල්ලම් කිරීමට කැමති වීම හා මවාගත්/කල්පිත සෙල්ලම් නොමැති වීම.

මෙවැනි රෝග ලක්ෂණ තිබේනම් වෛද්‍යවරයකු වෙත යොමුවීම වැදගත් වේ.

3) ඇද තෙමීම

අවුරුදු 2ට අඩු දරුවන් නින්දේදී මූත්‍රා කිරීම සාමාන්‍ය තත්වයකි.
අවුරුදු 2-5 අතර දරුවකු නින්දේදී මූත්‍රා පිට කරයි නම් එය කාoසා තත්වයක් නිසා විය හැක.දරුවාගේ ජීවිතයේ විශාල වෙනසක් සිදුවන අවස්ථා වලදි , එනම් , නිවසට තවත් බිලිදෙකු පැමිණිම,පාසල් යාම ආරම්භ කිරීම දී නැවතත් නින්දේදී මූත්‍රා කිරීම සිදුවිය හැක.

දරුවකු වයස 6න් පසුවත් ඇද තෙමීම සිදුකරයි නම් එය අසාමාන්‍ය තත්වයකි.

කෙසේවෙතත් දියවැඩියාව හා මූත්‍රා ආසාදන වලදී ද මෙසේ සිදුවිය හැකි නිසා වෛද්‍යවරයකු වෙත යොමුවීම වැදගත් වේ.

වෛද්‍ය සචිත් හර්ශණ බණ්ඩාර
MBBS – Rajarata
ආයතන භාර වෛද්‍ය නිලධාරි
ප්‍රාදේශීය රෝහල හා පුනරුත්ථාපන ඒකකය
කැන්දගොල්ල
බදුල්ල