වියළි කාලගුණය සමග කැළෑ ගිනි තැබීම් ඉහ​ළට

දැනට පවතින වියළි කාලගුණ තත්ත්වයත් සමග කැළෑ ගිනි තැබීම් ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

පසුගිය මාස කිහිපයක කාලය තුළ රට පුරා එවැනි සිදුවීම් 25ක් පමණ වාර්තා වී ඇති බවයි එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කරන්නේ.

කැළෑ ගිනි තබන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියා.