හම්බන්තොට වී මිලදී ගැනීම අදින් ඇරඹේ

වී අලෙවි මණ්ඩලය විසින් ගොවීන්ගෙන් වී මිලදී ගැනීමේ කටයුතු අද (11) සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

එහි පළමු අදියර ලෙස හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වී මිලදී ගැනීම ආරම්භ කරන බවයි වී අලෙවි මණ්ඩලයේ සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ සඳහන් කළේ.

වී අලෙවි මණ්ඩලයට මෙතෙක් මුදල් ලැබී නොමැති වුවත් ණය මුදලක් ලබා ගනිමින් මෙම කටයුත්ත සිදුකරන බවද ඔහු ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් දකුණු පළාත තුළ සිදුවන්නේ රතු නාඩු මිලදී ගැනීම පමණක් බවයි අලෙවි මණ්ඩලයේ සභාපතිවරයා පැවසුවේ.