ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අදත් අවධානය යොමු කළ යුතු මට්ටමක

ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද (11) දිනයේත් අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වලත් අනුරාධපුර හා මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උෂ්ණත්වය අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙම තත්ත්වයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නැයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.