ගාල්ල – මාකුඹුර අධිවේගී මාර්ග බස් රථ අද අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක

අද දිනයේ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව ගාල්ල මාකුඹුර දක්ෂිණ අධිවේගී මාර්ග බස් රථ සේවක සංගමය පවසනවා.

ඒ අනුව පවතින කාලසටහනට විරෝධය පළ කරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කළ බවයි එහි ලේකම් නිලංග සඳරුවන් සඳහන් කළේ.

ලබන 18 වනදා වන විට මෙයට ප්‍රතිචාරයක් නොදැක්වීමට කටයුතු කළහොත් 18 වනදා සිට වර්ජනයක් දක්වා ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.