IMF නියෝජිතයින් හා විපක්ෂ නියෝජිතයින් අතර සාකච්ඡාව අද

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින් හා විපක්ෂ නියෝජිතයින් සමඟ සාකච්ඡාව අද (11) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද ජනාධිපති කාර්යාලයේදී එම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවයි ජනාධිපති කාර්යාලය නිවේදනය කළේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සමග පැවැත්වෙන සාකච්ඡාවට තමන් සහභාගී නොවන බව සමගි ජන බලවේගය නිවේදනය කර ඇති අතර ජාතික ජන බලවේගය පවසන්නේ, තමන් ද සාකච්ඡාවට සහභාගී නොවන බවයි.

මේ අතර දෙමල ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් අද පැවැත්වෙන සාකච්ඡාවට සහභාගීවන බවට ප්‍රකාශ කර තිබෙනවා.