දුම්රිය ඉඩම්වල නීති විරෝධීව පදිංචි පුද්ගලයන්ට බදු පදනම යටතේ රැඳී සිටීමට අවසර – බන්දුල ගුණවර්ධන

දුම්රිය අධිකාරිය සතු ඉඩම්වල නීති විරෝධී ආකාරයෙන් පදිංචිවී සිටින පුද්ගලයින්ට දීර්ඝ කාලින බදු පදනම යටතේ එම ඉඩම්වලම රැඳී සිටීමට අවසර ලබා දෙන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ඒ අනුව, වසර 10 කට වඩා වැඩි කාලයක් දුම්රිය ඉඩම්වල රැඳී සිටින පුද්ගලයින් සඳහා එම අවස්ථාව හිමිවන බවයි අමාත්‍යවරයා පැවසුවේ.

මෙම කටයුතු සඳහා අදාළව කොළඹින් බැහැරව වෙනත් ප්‍රදේශවල ද වාණිජ අධිකාරි කාර්යාල පිහිටුවීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා.