ඉන්දීය මහ­කො­ම­සා­රිස් කත­ර­ගම පුද­බිමේ ආග­මික වතා­ව­ත්වල

ඉන්දීය මහ­කො­ම­සා­රිස් එච්. ඊ. සෙන්තෝෂ් ජේ. (07) විශේෂ ආග­මික වතා­වත් සිදු කිරී­මට රුහුණු කත­ර­ගම මහා දේවා­ලය වෙත පැමි­ණි­යේය.

පළ­මුව කිරි­වෙ­හෙර වැඳ පුදා­ගෙන අන­තු­රුව කත­ර­ගම මහා දේවා­ල­යට පැමිණි කොම­සා­රි­ස්ව­රයා, පල­තුරු පූජා වට්ටි­යක් තබා දෙවි­යන්ගේ ආශි­ර්වා­දය ලබා ගත්තේය.

ඉන්පසු රුහුණු මාග­ම්ප­ත්තුවේ ප්‍රධාන අධි­ක­රණ සංඝ­නා­යක කත­ර­ගම ශ්‍රී අභි­න­වා­රාම විහා­රා­ධි­පති ශාස්ත්‍ර­පති කපු­ගම සර­ණ­තිස්ස හිමි­යන්ද බැහැ­දැක තේවානි අම්මා මඩම වෙත ද ගොස් එහි සිටින ඉන්දීය ජාතික සාමි­ව­රුන්ගේ සුව­දුක් විම­සී­මට කොම­සා­රි­ස්ව­රයා ක්‍රියා කළේය.

අන­තු­රුව රුහුණු කත­ර­ගම මහා දේවා­ලයේ බස්නා­යක නිලමේ ඩිෂාන් ගුණ­සේ­කර මහ­තාගේ නිල නිව­සට පැමිණ කත­ර­ගම දේවා­ලය මඟින් මහ­ර­ගම අපේක්ෂා රෝහලේ ඉදි­ක­රන ළමා වට්ටු සංකි­ර්ණ­යට රුපි­යල් 50000ක මුදල් පරි­ත්‍යා­ග­යක් ද පිරි­නැ­මීය.

හම්බ­න්තොට ඉන්දීය කොන්සල් ජන­රාල් හර්වි­න්දර් සිංද මේ අව­ස්ථා­වට එක්වූ අතර, රුහුණු කත­ර­ගම මහා දේවා­ලයේ බස්නා­යක නිලමේ ඩිෂාන් ගුණ­සේ­කර විසින් මේ වැඩ­ස­ට­හන සංවි­ධාන කර තිබේ.