Month April 2025

අප්‍රේල් 15 රජයේ නිවාඩුවක් මෙතෙක් ප්‍රකාශ කර නැහැ

2025 අප්‍රේල් 15 වැනි දින රජයේ නිවාඩු දිනයක් බවට පත් කළ බවට රජය විසින් කිසිදු නිවේදනයක් මෙතෙක් නිකුත් කර නොමැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවේ ලිපි ශීර්ෂය යොදා ගනිමින් අප්‍රෙල් 15 වැනි දින නිවාඩු දිනයක් බවට…

සුරාසැල් දින 03 ක් වැසෙයි

එළඹෙන 12, 13 සහ 14 දිනවල දිවයින පුරා සුරාසැල් වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම දිනයන්වල පෝය සහ සිංහල හින්දු අලුත් අවුරුද්ද යෙදී ඇති බැවින් මෙලෙස සුරාසැල් වසා තබන බවයි. අදාළ නීතිය කඩකරන සුරාසැල් සම්බන්ධයෙන්…

පාරිභෝගික අධිකාරිය වැටලීම් වැඩි කරයි

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් උත්සව සමය වෙනුවෙන් සිදුකරනු ලබන විශේෂ වැටලීම් වැඩසටහන යටතේ පසුගිය දින කිහිපය තුළ පමණක් වැටලීම් 1,200ක් සිදුකර තිබේ. ඒ අනුව ඉදිරි දිනවලදී ද අත්‍යවශ්‍ය භාණ්ඩ සම්බන්ධව වැඩි අවධානයක් යොමු කරමින් වැටලීම් සිදුකරන ලෙස උපදෙස් ලැබී…

හෙලිකොප්ටයක් කඩා වැටී 06 ක් මරුට

ඇමරිකාවේ නිව්යෝර්ක්හී හඩ්සන් ගඟට හෙලිකොප්ටරක් කඩා වැටීමෙන් ඊයේ (10) අනතුරක් සිදු වී තිබෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරින් හෙලිකොප්ටරයේ සිටි 6දෙනෙක් ජීවිතක්ෂයට පත්වූ බවයි. එම යානයේ සිටි නියමුවා සහ ස්පාඤ්ඤයේ සිට පැමිණි සංචාරක පවුලක් මෙලෙස මියගොස් ඇති බවයි වාර්තා…

අලුත් අවුරුද්දට ගමට යන්න අද සිට විශේෂ දුම්රිය සේවා

අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්ව යන ජනතාවට විශේෂ දුම්රිය සේවා අද (11) සිට ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. විශේෂ දුම්රිය දහයක් ධාවනයට එක්කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පෙන්වා දුන්නේ. එක් දුම්රියක් කොළම කොටුව සිට බදුල්ල දක්වා ධාවනය කෙරෙන්නේ…

අස්වැසුම අප්‍රේල් වාරිකය අද බැංකු ගිණුම් වෙත

අස්වැසුම වැඩසටහන යටතේ සුදුසුකම් ලැබූ පවුල් 1,737,141ක් සඳහා රුපියල් බිලියන 12.63ක් සහ සුදුසුකම් ලැබූ අස්වැසුම ප්‍රතිලාභී පවුල් තුළ සිටින අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 580,944කට රුපියල් බිලියන 2.9ක් අද (11)  බැංකු ගිණුම් වෙත බැර කරන බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. ඒ…

පළමු වාරයේ දෙවන අදියර අදින් අවසන්

මෙම වසරේ රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරයේ දෙවන අදියර අදින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යාංශය සඳහන් කළේ තුන්වන අදියර සඳහා පාසල් ලබන 21වනදා ආරම්භ වන බවයි. පළමු වාරයේ තෙවන අදියර මැයි 9වනදා අවසන්…

සවස් කාලයේ වැසි වාර කිහිපයක්

බස්නාහිර, සබරගමුව,දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත්විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. අනුරාධපුරය, මාතලේ සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවිය හැක. ඌව පළාතෙත් අම්පාර, මඩකළපුව සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් සවස්…

පහළට වැටුණ කොටස් වෙළදපොල යළිත් ශක්තිමත් වෙයි

කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 704.88 කින් ඉහළ ගොස් තිබේ. එය ප්‍රතිශතයක් ලෙස 4.74%ක අගයකි. දිනයේ ගණුදෙනු අවසානයේදී එය සටහන් වූයේ ඒකක 15,580.83ක් ලෙසයි. ඒ අනුව අද පිරිවැටුම රුපියල් බිලියන 7ක් ලෙස සටහන්ව ඇත.

කොට්ටුකච්චිය වෙල්යායේ අතරමංව සිටි අලි පැටවකු අල්ලා වනජීවියට භාරදෙයි

කොට්ටුකච්චිය වෙල්යායේ අතරමංව සිටි වන අලි පැටවකු ගම්වාසීන් අල්ලා වනජීවී නිලධාරීන්ට ඊයේ (09) භාරදී ඇත. අලි පැටවා නිකවැරටිය වනජීවී පශු වෛද්‍ය ඒකකයට පසුව භාරදීමට රැගෙන යන ලදි. වනඅලියා මාස තුනකට ආසන්න කුඩා පැටවකු බව වනජීවී නිලධාරීහු පවසති. මේ දිනවල පුත්තලම…