තමන් අප්‍රේල් 17 වැනිදා අල්ලස් කොමිසමට කැඳවා ඇති බවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්ම 11 වැනිදා රාත්‍රී සිය සමාජ මාධ්‍ය ගිණුම්වල සඳහන් කර තිබූ බව කැබිනට් ප්‍රකාශක, ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.
රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
අල්ලස් කොමිසම හිටපු ජනාධිපතිවරයාට කැඳවීමක් කළාට පස්සේ අප්‍රේල් මාසේ 11 වැනිදා ඔහුම තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුම්වල සඳහන් කරලා තිබුණා ‘11 වැනිදා එන්න විදියක් නැහැ 17 වැනිදා එනවා’ කියලා. ඔහුම තමයි 11 වැනිදා රාත්‍රියේම එය කියන්නේ. මෙය පොදු තොරතුරක්. ජනාධිපතිවරයා ගන්න ඇත්තේ එතැනින්.
සමහර විට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ඔහුම කියපු දේ අමතක වෙන්න ඇති. ඒක වෙන්න පුළුවන්. අල්ලස් කොමිසම ජනාධිපතිවරයාට දැනුම් දුන්න දෙයක් නෙවෙයි. මෙය රහසිගත තොරතුරක් නෙවෙයි රනිල් වික්‍රමසිංහ මහත්මයම ප්‍රසිද්ධ කළ තොරතුරක්. 11දා රෑ සමාජ මාධ්‍යවල පළ කළ දෙයක් ජනාධිපතිවරයා පසු දිනක කිව්වේ යැයි ද ඇමැතිවරයා පැවසීය.