බටලන්ද කොමිෂන් වාර්තාව නීතිපතිට-ජනපති කාර්යාලය කියයි

පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද “බටලන්ද නිවාස සංකීර්ණයේ නීති විරෝධී ලෙස රඳවා ගැනීමේ ස්ථාන සහ වධකාගාර පිහිටු වීම සහ පවත්වාගෙන යෑම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව” ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි, ජනාධිපති කාර්යාලය මඟින් නීතිපතිවරයා වෙත යොමු කර තිබේ. වසර 25කට පසු, පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු මෙම වාර්තාව පිළිබඳ ඉදිරි කටයුතු සිදු කිරීමට රජය තීරණය කර තිබේ.

අදාළ වාර්තාව ඊයේ (29) නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට කටයුතු කර ඇත්තේ ඒ අනුවය.