ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මැයි මස 03 වැනිදා සිට 06 වැනිදා දක්වා වියට්නාමයේ රාජ්‍ය සංචාරයකට එක්වන බව කැබිනට් ප්‍රකාශක, ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (29) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
ජාත්‍යන්තර වෙසක් දිනය පදනම් කර ගනිමින් ජනාධිපතිවරයා වියට්නාමයේ නිල සංචාරයක නිරත වන බව ද ඇමැතිවරයා කීවේය.
වියට්නාමයේදී ජනාධිපතිවරයා විසින් අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට නියමිත බවත් එම යෝජනා පෙරේදා (28) ඇමැති මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති බවත් ඇමැතිවරයා කියා සිටියේය.
ශ්‍රී ලංකාවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනය (BIDTI) සහ වියට්නාමයේ රාජ්‍යතාන්ත්‍රික විද්‍යායතනය අතර අවබෝධතා ගිවිසුම්වලට අත්සන් කිරීමට නියමිත බව ද ඇමැතිවරයා පැවසීය.