වත්මන් රජය ඉන්දියාවත් සමඟ අත්සන් කළ ගිවිසුම් ජනතාවට හෙළි කළ යුතු බව බත්තරමුල්ලේ සීලරතන හිමියෝ පැවසූහ.
උන්වහන්සේ මේ බව පැවසුවේ ඊයේ (28) වත්තලදී පැවති මාධ්‍ය හමුවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේ ද කීහ.
“වඳුරු සංගණනය කළා. මොනරු සංගණනය කළා. දැන් මේ බලු බද්දත් ගහනවා. ඒ ගණන් කරන්න ගියපු මුදල් ටික රටේ දුප්පත් මිනිස්සු වෙනුවෙන් වැය කළා නම් ජනතාවට යම්කිසි යහපතක් සිද්ධ වෙනවා. දැන් ඒ සල්ලි වඳුරටත් නෑ. මිනිහටත් නෑ. කාටත් නෑ.
දැන් ඊළඟට ලාල්කාන්ත මහත්තයා බලු බද්දක් ගේනවා. මේ බලු බද්ද මොකක්ද? තමුන්නාන්සේලා ගෙවල්වල බල්ලෝ එහෙම ඇති කරන්න එපා. ඒ සියලු බල්ලන්ට බලු බද්ද ගහපු හැටියේ ජනතාවට ජීවත් වෙන්න විදිහකුත් නෑ, දැන් අපි අහන්න කැමතියි, පාරේ ඉන්න බල්ලන්ට මොකද කරන්නේ? පාෙර ඉන්න බල්ලන්ට බදු ගහනවද? ඇති කළ එකා හොයා ගන්නවාද? ලාල්කාන්ත මහත්තයෝ මේවත් කියලා දෙන්න. දැන් විශාල වශයෙන් බල්ලෝ ඉන්නවා. ”