සිරි දළදා වන්දනාවට වැසූ පාසල් 24ක් අද ඇරේ

සිරි දළදා දැක්ම වෙනුවෙන් මහනුවර නගර සීමාවේ සහ ඒ ආසන්නයේ වසා දැමුණු පාසල් 61 අතරින් 24ෙක් අද (28) විවෘත කරන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී අභයකෝන් මහතා පවසයි.

දළදා වහන්සේ වැඳපුදා ගැනීමට අති විශාල සැදැහැවතුන් පිරිසක් මහනුවර නගරයට පැමිණීම හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රවාහන දුෂ්කරතා සැලකිල්ලට ගෙන වසා දැමුණු පාසල් 24 අද (28) විවෘත කරන බවත් ඒවා පිරිසිදු කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවත් ඒ මහතා කීය.

ආරක්ෂක රාජකාරි සඳහා මහනුවරට පැමිණි පොලිස් හා ත්‍රිවිධ හමුදා නිලධාරින් නවාතැන් ගෙන සිටි පාසල් 37 හෙට (29) විවෘත කිරීමට නියමිතව ඇත්තේ ඒවා පිරිසිදු කිරීමේ අවශ්‍යතාවක් පවතින නිසා යැයි ද හෙතෙම අවධාරණය කළේය.