2024 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණ සඳහා මැයි 02වැනිදා සිට අයදුම්පත් ඉදිරිපත් කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
එම අමාත්‍යංශය සඳහන් කළේ www.onlineexams.gov.lk යන වෙබ් අඩවියට ප්‍රවේශ වී, ඒ සඳහා අයදුම් කළ හැකි බවය.
මැයි 16වැනිදා දක්වා ප්‍රතිඵල නැවත සමීක්ෂණ සඳහා අයදුම්පත් ඉදිරිපත් කළ හැකිය.
මෙවර උසස් පෙළ විභාග ප්‍රතිඵලවලට අනුව විශ්වවිද්‍යාල වරම් ලැබූ සිසුන් සංඛ්‍යාව, එක් ලක්ෂ 77 588කි.