නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සදහා අවශ්‍ය ගුරුවරුන් පුහුණු කිරීම මැයි මස සිට ආරම්භ කරන බවත්, ඉදිරි පලාත් පාලන මැතිවරණයෙන් පසු ගජමිතුරන්ට කොන්ත්‍රාත් ලබා දීම අවසන් වන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.
ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම, මිනුවන්ගොඩ සහ කටාන ප්‍රදේශවල පැවති ජනහමු අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,
අපේ උපතේ සිට මරණය දක්වා සියළු දේ සිදුවෙන්නේ පලාත් පලාන ආයතන මගින්. නමුත් අද වෙනකම් ජනතාවට අවශ්‍ය මූලික පහසුකම් ටිකවත් දෙන්න පලාත් පාලන ආයතනවලට ක්‍රමවේදයක් නැහැ.
අපි නිවැරදි ක්‍රමවේදයක් අනුව වංචා දූෂණවලින් තොරව සෑම රුපියලක් ගැනම අවධානයෙන් අරපරිස්සමින් වැඩ කරනවා. අවශ්‍යතා හදුනා ගනිමින් ක්‍රමවත් වැඩපිළිවෙලක් හරහා ගම දියුණු කරන්න ව්‍යාපෘති සකස් කරමින් යනවා.
ඔබ තීරණාත්මක මැතිවරණ දෙකකින් වංචාවට, දූෂණයට විරුද්ධ නායකයෙක් ලෙස ජනාධිපති අනුර සහෝදරයා තෝරා ගත්තා. වැඩිම ප්‍රතිශතයකින් ඡන්දය දීලා පාර්ලිමේන්තුව සුද්ධ කළා. ඒ හරහා ගම වෙනුවෙන් වෙන් කරන මුදල් ජනතාවට හරියට ලැබෙන්න නම් ජනතාවට, ගමට ආසන්නම පලාත් පාලන ආයතන පිරිසිදු වෙන්න ඕන. වංචා දූෂණයෙන් තොර වෙන්න ඕන. අන්න ඒ නිසයි මේ මැතිවරණය අපට වැදගත් වෙන්නේ.
වංචාවෙන් දූෂණයෙන් තොර අපේ දේශපාලන සංස්කෘතිය ගමට, ජනතාවට දැනෙන්නේ පලාත් පාලන ආයතන හරහායි. ගමට ලැබෙන ව්‍යාපෘති නිසි පරිදි සිදු කිරීම, නිරීක්ෂණය කිරීම, පසුවිපරම කිරීම සිදු කරන්න ඕන පලාත් පාලන ආයතන හරහා ගමට එන ව්‍යාපෘති වල කොන්ත්‍රාත්තුව ගජමිතුරන්ට දුන්න කාලේ අවසන් කරන්න ඕන.
අධ්‍යාපනයේ වැදගත්ම කොටස පූර්ව ළමාවිය සංවර්ධනය වුණත් ඒකට නිසි ක්‍රමවේදයක් තිබුණේ නැහැ. දැන් අපි ඒකට ක්‍රමවේදයක් සකස් කරමින් යනවා. මැයි මාසේ ඉඳලා ගුරුවරුන් නවීන අධ්‍යාපනය වෙනුවෙන් පුහුණු කිරීම ආරම්භ කරනවා. අපිට වැඩපිළිවෙලක් තිබෙනවා සෑම අංශයකම සංවර්ධනය වෙනුවෙන්.
අධ්‍යාපන අමාත්‍යංශයට බිලියන ගණන්වල ව්‍යාපෘති ඇවිත් තිබෙනවා. නමුත් නිසි වැඩපිලිවෙලක් තිබිලා නෑ. සමාට් ක්ලාස් රෑම් වලට ස්‍මාට් බෝඩ් 1500ක් ගෙන්නලා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් වරයෙක් නමුත් ඒවා පාසල් වලට දෙන්න නිසි වැඩ පිලිවෙලක් නෑ. ගුරුවරු පුහුණු කරලා නැහැ. ගුරු විද්‍යාල වල තියෙන්නේ පරණ විෂය නිර්දේශයමයි. අපි දැන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා ඒ සියල්ල නිවැරදි කරමින් යනවා.
ඒ සියලු දේ නිසියාකාරව ගමට ලබා දෙන්න නම් නිවැරදි පිරිසක් ගම වෙනුවෙන් තොරාගත යුතු බවත්, එළඹෙන පලාත් පාලන මැතිවරණයේදී ජාතික ජනබල වේගය ඉදිරිපත් කර ඇති පිරිසිදු අපේක්ෂකයන් තෝරාගැනීමට කටයුතු කරන ලෙසත් අග්‍රාමාත්‍ය ආචාරිය හරිනි අමරසූරිය පැවසුවාය.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය විජේසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී, රුවන්තිලක ජයකොඩි, චමින්ද ලලිත් කුමාර සහ පලාත් පාලන අපේක්ෂකයින් ඇතුළු ප්‍රදේශයේ විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ