තවත් ඩො.මිලියන 344 ක මූල්‍ය පහසුකම් සැලසෙන IMF සාකච්ඡා සාර්ථකයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් වසර හතරක විස්තීරණ ණය පහසුකම් වැඩසටහන යටතේ හතරවන සමාලෝචනයට අදාළව ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ නිලධාරී මට්ටමේ එකඟතාවකට පැමිණ තිබේ.

මෙම සමාලෝචනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය අනුමත කිරීමෙන් පසුව ශ්‍රී ලංකාවට තවත් ඇමෙරිකා ඩොලර් මිලියන 344ක පමණ මූල්‍ය පහසුකමක් සලසා ගැනීමට ප්‍රවේශය හිමිවේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මේ දක්වා ලැබෙන මුදල ඩොලර් මිලියන 1722 දක්වා ඉහළ යන බව මහ බැංකු වාර්තා සඳහන් කරයි.