අමෙරිකා සාම නියෝජිතයා පුටීන් හමුවෙයි

අමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත ස්ටීව් විට්කොෆ් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර මොස්කව් හිදී රුසියා – යුක්‍රේන සාම සාකච්ඡා ආරම්භ කිරීම පිළිබඳ සාකච්ඡාවක් පවත්වා තිබේ.

පැය තුනකට ආසන්න කාලයක් පැවැති මෙම සාකච්ඡාව ඉතා සාර්ථක එක්ක වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයෙකු ලෙස ස්ටීව් විට්කොෆ් මේ සඳහා එක්ව තිබුණි.

ඔහු සහ පුටීන් ජනාධිපතිවරයා අතර පැවැති සිව්වැනි හමුවීම මෙය වේ.