මේ වන විට පාස්කු දින ප්‍රහාරයේ විමර්ශනවල ප්‍රතිඵල තිබෙන බවත් සොයාගත යුතු කරුණු හයකින් දෙකක් මේ වන විට සොයාගෙන ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේ ඊයේ (22) ගම්පහ පැවති ජන රැලියක් අමතමිනි. ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ජාතික ජන බලවේගය මඟින් මෙය සංවිධාන කර තිබිණි. පාස්කු දින ප්‍රහාරයට අවුරුදු හයක් වූවාට පහමාරම විමර්ශන යටපත් කළ බව ද මෙහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. එහි කටයුතු පසුගිය මාස 06 තුළ ආරම්භ වූ බවත් මීට පෙර ප්‍රකාශ කළ අන්දමට කරුණු 06කින් දෙකක් පිළිබඳ නිරාකරණය කරගෙන තිබෙන බවත් ජනාධිපතිවරයා කීය.
වව්නතිව් ප්‍රදේශයට ගොස් ජැකට් එක දැම්මේ කවුද? මෙන්ම එෆ්.බී.අයි. ආයතනය මඟින් දුන් ඉමි අංකයක් ඔස්සේ ඊට අවශ්‍ය දුරකතනය පිළිබඳ තොරතුරුත් සොයාගෙන තිබෙන බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.
රටක් ලෙස අප මහා ව්‍යසනයකට මුහුණදී තිබූ ශ්‍රී ලංකාව එම තත්ත්වයෙන් මුදා ගැනීමට 2019දී 3%ක් තිබූ දේශපාලන ව්‍යාපාරයකට මෙරට ජනතාව බලය දීම සාමාන්‍ය තීරණයක් නොවන බව ද ජනාධිපතිවරයා පැවසීය. 2019දී තුනෙන් දෙකක් තිබූ ලක්ෂ 69ක් තිබූ කණ්ඩායම 2.5 දක්වා අඩු කිරීම ද සරල දෙයක් නොවන බව අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජාතික ජන බලවේගයට දුන් ජනවරමේ අපේක්ෂාවන් හොඳින් දන්නා බව ද කී ජනාධිපතිවරයා ව්‍යාපාරිකයන් අතර වැඩි වශයෙන් පරිහරණය වන එල්.එම්.ඩී. සඟරාවේ මාස 06කට පසුව ඉතිහාසයේ වැඩිම ව්‍යාපාරික විශ්වාසය දිනාගත් දර්ශකයේ ඉහළම අගයට මේ වන විට ලංකාව පැමිණ තිබෙන බව ද පැවසීය.
පසුගිය අවුරුද්දේ දෙසැම්බර් මාසෙ ණය ප්‍රතිව්‍යුහගතකරණය කර ගැනීමට එකඟ වුණා. රාජ්‍යයන්වලින්, බහු සංවිධානවලින්, වාණිජ වෙළෙඳපොළෙන් අරන් තිබෙන ණය ප්‍රතිව්‍යුහගත කරන්න එකඟතාවකට පැමිණියා. එම එකඟතාව වෙනුවෙන් අප ගෙව්වා ඩොලර් මිලියන 400ත් – 500ත් අතර මුදලක්. ණය හිමියන්ට එම මුදල දෙසැම්බර් මාසෙ ගෙව්වා. අප ආර්ථිකයේ ස්ථාවරත්වය නිර්මාණය කළා. මේ වන විට වාහන ආනයනය සඳහා එල්.සී. විවෘත කර තිබෙනවා ඩොලර් මිලියන 350කට ආසන්න ප්‍රමාණයක්. උද්ධමනය අවම මට්ටමක අප තබාගෙන තිබෙනවා.