ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වෙනුවෙන් මෙත් සිතින් සෙත් පැතීම් සිදු කරන ලෙසට, අගරදගුරු අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිති. ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වෙනුවෙන් ශෝක ප්‍රකාශයක් නිකුත් කරමින් අගරදගුරු අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ මෙම ඉල්ලීම සිදු කළහ.
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ තුළ ශ්‍රී ලංකාව පිළිබඳ තිබූ ආදරය සහ ගෞරය සම්බන්ධයෙන් ද සිහිපත් කරමින් කාදිනල් හිමියන් පැවසුවේ පාස්කු දින ප්‍රහාරය සිදු වූ අවස්ථාවේ දී ද උන් වහන්සේ පාස්කු වින්දිතයන් පිළිබඳ දැඩි ලෙස ශෝකයටත් කම්පාවටත් පත්වෙමින් එම වින්දිතයන් වෙනුවෙන් යාඥා කළ බවයි.
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ආත්මය වෙනුවෙන් යාඥා කරන ලෙස කාදිනල් හිමි සියලු පූජා ප්‍රසාදීන් වහන්සේගෙන් මෙන්ම සභාවේ අනෙකුත් නායකයන්ගෙන් ද ඉල්ලා සිටියහ.