පාප් වහන්සේට අවසන් ගෞරව…

ස්වර්ගස්ථ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය සහිත ඡායාරූප කිහිපයක් ඊයේ වතිකාන කතෝලික සභාව විසින් මාධ්‍යයට නිකුත් කරනු ලැබීය. අද (23) දිනයේදී බැතිමතුන්ගේ ගෞරවය පිණිස සාන්ත පීතර බැසිලිකාවට රැගෙන යෑමට නියමිත උන්වහන්සේගේ දේහය ඊයේ කැසා සැන්ටා මාර්තාහි පිහිටි දේවස්ථානයේ තැන්පත් කර තිබූ අයුරුයි මේ.