“සිරි දළදා වන්දනාව” අද (21) 04 වැනි දිනටත් පැවැත්වීමට නියමිතයි.
ඒ අනුව අද (21) දහවල් 12.00 ට සිට පස්වරු 5.30 දක්වා දළදා වහන්සේ වැඳ පුදා ගැනීමේ හැකියාව බැතිමතුන්ට පවතියි.
අති පූජනීය ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැකබලා ගැනීමේ අවස්ථාව ජනතාවට උදාවූයේ පසුගිය 18 වනදා සිටයි.
ලබන 27 වනදා දක්වා සිරි දළදා වන්දනාව පැවැත්වෙන අතර සුදුවතින් සැරසී මේ සඳහා සහභාගී වන ලෙස ඉල්ලා සිටියි
සිරි දළදා වන්දනාව ආරම්භ කළ පළමු දින තුනේදී දළදා වහන්සේ දැක වැඳපුදා ගැනීමට ලක්ෂ තුනකට ආසන්න සැදැහැවතුන් පිරිසක් එක්ව ඇතැයි මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහගේ මහතා පැවැසුවේය.
දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට අතිවිශාල සැදැහැවතුන් පිරිසක් තවදුරටත් පෝලිම්වල රැඳී සිටින අයුරු දැකගත හැකියි බව ද වාර්තා වෙයි.