ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2025 මාර්තු මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය -1.9%ක් දක්වා ඉහළ ගොස් තිබෙයි.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ 2025 පෙබරවාරි මාසයේ දී මෙම අගය -3.9%ක් ලෙස සටහන් වූ බවයි.
එමෙන්ම මාර්තු මාසයේදී ආහාර උද්ධමනය -1.1% සිට 0.8% දක්වා ඉහළ ගොස් තිබෙන අතර ආහාර නොවන උද්ධමනය පෙබරවාරි මාසයේදී -6.0% සිට -4.1%ක් දක්වා ඉහළ ගොස් ඇත.