බෙරගල – වැල්ලවාය මාර්ගයට පස් කන්දක් කඩා වැටෙයි

බෙරගල – වැල්ලවාය අතර විහාරගල ප්‍රදේශයේ (184km) නාය යෑමක් සිදුව තිබේ.

ඊයේ (18)රාත්‍රියේ පැවති අයහපත් කාලගුණයත් සමග මාර්ගයට ඉහළින් ඇති පස් කන්දක් විශාල ගස් සමග මාර්ගයට කඩා වැටීම හේතුවෙන් රථවාහන ගමන් කළ නොහැකි ලෙස සම්පුර්ණයෙන්ම අවහිර වී තිබුණි.

අද උදෑසන 7.30 පමණ වන විට හපුතලේ පොලිසිය ප්‍රදේශවාසීන් විසින් මාර්ගයේ එක් මන්තීරුවක් වාහන ධාවනය වෙනුවෙන් විවෘත කළ අතර මාර්ගයේ අවහිරතා ඉවත් කිරීමේ මෙහෙයුම හා මාර් සංවර්ධන අධිකාරියේ සහයෝගය සහිතව තවදුරටත් ක්‍රියාත්මකය.

විකල්ප මාර්ග ලෙස ඇල්ල – වැල්ලවාය මාර්ගය භාවිත කළ හැකි බවද බදුල්ල දිස්ත්‍රික් බලධාරීන් සඳහන් කළේය.