සූර්ය පැනල අක්‍රිය කිරීම දැනුම් දෙන්න SMS පණිවිඩයක්

වහල මත සවි කර ඇති සූර්ය පැනල මින් ඉදිරියට විසන්ධි කළ යුත්තේ ඒ සම්බන්ධයෙන් එස්.එම්.එස්. පණිවිඩයක් මඟින් දැනුම්වත් කිරීම් කරන අවස්ථාවලදී පමණක් බව සූර්ය පැනල හිමිකරුවන්ට ලංකා විදුලිබල මණ්ඩලය දැනුම් දී තිබේ. ඊයේ (16) සිට මෙය ක්‍රියාත්මක අතර එස්.එම්.එස් පණිවිඩයක් ලැබුණේ නම් පමණක් එතැන් සිට සවස 3.00 තෙක් සූර්ය පැනල විසන්ධි කරන ලෙස විදුලිබල මණ්ඩලය ඔවුන්ට දන්වා ඇත.

පසුගිය අභියෝගාත්මක දින කිහිපය තුළ සූර්ය පැනල හිමිකරුවන් සිය සූර්ය පැනල විසන්ධි කරමින් දැක්වූ සහයෝගයට ස්තූතිය පළ කරන බව ද ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

රක්ෂණ ශ්‍රියන්ත