කොළඹ මහනගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන 18ක තැපැල් ඡන්ද විමසීම ප්‍රමාද වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එම පළාත් පාලන ආයතනවල ඡන්ද විමසීම එළැඹෙන 6 වැනිදා පැවැත්වීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය හමුවේ තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය ප්‍රමාද වීම හේතුවෙන් මේ තත්ත්වය මතුව ඇතැයි ද කොමිසම පවසයි. මේ වන විට ඒවායේ නඩු තීන්දු අධ්‍යයනය කරමින් තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණයට දැනුම් දෙන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පැවසීය.
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද විමසීම ලබන 22, 23, 24 දිනවල පැවැත්වීමට මැතිවරණ කොමිසම මඟින් දින නියම කර ඇති අතර ඊට අදාළව පළාත් පාලන ආයතන 227ක තැපැල් ඡන්ද පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු මේ වන විට අවසන් කර තිබේ.
එම දිනවල ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වන ඡන්ද දායකයන්ට අප්‍රේල් 28 හා 29 යන දිනවල ද ඡන්දය සලකුණු කළ හැකිය.