2025 වසරේ මුල් මාස 03 සඳහා සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 1,122.3ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
2024 වසරේ මුල් මාස 03 හි සංචාරක ඉපැයීම් ප්‍රමාණය වූ ඩොලර් මිලියන 1,025.9 හා සැසඳීමේ දී මෙය 9.4% ක වර්ධනයක් බවයි මහ බැංකුව පෙන්වා දෙන්නේ.
2025 මුල් මාස 03 තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 722,276 ක් බවයි සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.